ග්‍රන්ථය වෙත
ගිහි අරගලයක අරුණෝදය - ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සවය
කීර්ති කුලරත්නයන් ගැන ඔහුව ඇසුරු කළ, සමාජයේ විවිධ ක්ෂේත්‍රයන් හි පුද්ගලයින් 80 දෙනෙකු බෙදාගත් අදහස් ගොණු කර සැකසූ, කිතුණු සභාව ද, රට දැය සමය ද යහපත් කරවන්නට ඔහු කළ අරගලය විදහා දැකවෙන ගිහි අරගලයක අරුණෝදය ග්‍රන්ථය, වසර 2026 ක් වූ මැයි මස දෙවැනි දින වත්තල පුරහලේ දී එළි දක්වන ලදී. එහි ආරාධිත අමුත්තන් කරන ලද දේශනා අපි "කැටපත් පවුර" පිටුවෙහි දක්වා ඇත්තෙමු.
සමස්ථ වැඩසටහන අළලා සකස් කළ වීඩියෝව ද, එහිදී ප්‍රදර්ශණය කරන ලද කීර්ති කුලරත්නයන් ගේ "සිංහ කොඩිය රාජසිංහ" වේදිකා නාට්‍යයේ ජවනිකා කිහිපයක් ද පහතින් ඔබ හා බෙදාගනිමු.
වේදිකා නාට්‍ය ජවනිකා
"සිංහ කොඩිය රාජසිංහ" වේදිකා නාට්‍යයේ ජවනිකා කිහිපයක්...
ස්තූතිය
- පොත සඳහා ලිපි ලේඛන දායකත්වය ලබා දුන් සියලුම දායක භවතුන් හට
- මිල්රෝයි ගුණවර්ධන මහතා
- රියෙන්සි ප්‍රනාන්දු මහතා
- ප්‍රවීණ වේදිකා නාට්‍යවේදී දයා නිශ්ශංක මහතා ඇතුළු චන්ද්‍ර කීර්ති කුලරත්න නාට්‍ය පදනම
- ප්‍රවීණ ලේඛක සිරිල් එඬේරමුල්ල
- සංගීතවේදී වසන්ත ජයමාන්න
- ක්‍රිස්ටි පෙරේරා මහතා ( C Printers)
- රාගම කිතු දන පුබුදු සාංඝීක ජනතාවට
- ඩිලන්ත මුතුගල හා මල්ෂා මෙන්ඩිස්
- කංචුක ඇන්තනි හා පැතුම් මධුසංඛ (Summer Breeze සංගීත කණ්ඩායම)
- පොත එළිදැක්වීමේ උත්සවයට පැමිණි සියළු ආරාධිත අමුත්තන්ට සහ උත්සවය සාර්ථක කරගැනීම සඳහා නන් අයුරින් අත හිත දුන්, උදව් උපකාර කළ සියලු හිතමිතුරන්ට
- චන්ද්‍ර කීර්ති කුලරත්නයන් ගේ ප්‍රිය බිරිඳ එස්තර් කුලරත්න අම්මා සහ පුත් ප්‍රභා කුලරත්න