මුල් පිටුව

චන්ද්‍ර කීර්ති කුලරත්න
සමරු සටහන්

ගිහි අරගලයක අරුණෝදය

කීර්ති කුලරත්නයන් ගැන ඔහුව ඇසුරු කළ, සමාජයේ විවිධ ක්ෂේත්‍රයන් හි පුද්ගලයින් 80 දෙනෙකු බෙදාගත් අදහස් ගොණු කර සැකසූ, කිතුණු සභාව ද, රට දැය සමය ද යහපත් කරවන්නට ඔහු කළ අරගලය විදහා දැකවෙන ග්‍රන්ථයකි.

ගිහි අරගලය පොතේ කවරය
උත්සවය ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සවය

පෙරවදනෙන් කොටසක්...

චන්ද්‍ර කීර්ති කුලරත්නයන් පිළිබඳව මා ලිවීමට වඩා තවත් පුද්ගලයන් විසින් ඔහුව දකින ආකාරයද, ඔහු පිළිබඳව අත්දැකපු සජීවී සිදුවීම් හරහාද ලියැවුණු ලිපි පෙළකින් මෙම පොත ඉදිරිපත් කිරීම ඔහුට කරන සාධාරණයක් යැයි මට සිතේ. එය ප්‍රිස්මයක හැඩතල හඳුනාගැනීමක් වනු ඇත. පරිච්ඡේද ආරම්භයේදී මා විසින් ලියූ සංකල්පමය විග්‍රහයන්ද එවැනිම හඳුන්වාදීමකි. මෙම පොතෙහි සියලුම ලිපි පෙළ ගැස්වීම සඳහා උදව් උපකාර කළ සියලු දෙනාටම ස්තූතිවන්ත වන අතර, මේ වන විට ලිපි සම්පාදනය කළ අය අතර සග සැපත් අය සමිඳුන් තුළ ගෞරවාදරයෙන් සිහිපත් කරමි.

මොහු පිළිබඳව ලියැවෙන විට 'කිතු දන පුබුදුව' නොලියා සිටීමට බැරි බව සෑම දෙනාම දන්නා කරුණකි. ගහට පොත්ත වන්නා සේ සිරි ඔස්කා අබයරත්න (ස්වාමි තාත්තාට) පියතුමාට චන්ද්‍ර කීර්ති නැතුවාම බැරි විය. 'පුබුදු ගීතාංජලිය' අධ්‍යයනය කරන කවරකු වුවද මෙම පොතටත් වඩා චන්ද්‍ර කීර්තිගේ ඇතුළාන්ත අත්දැකීම සොයා ගනු හැකි බව මගේ විශ්වාසයයි. ඔස්කා අබයරත්න පියතුමාගේ අත්දැකීම ප්‍රායෝගිකව ලේඛන ගත කිරීමේ අනාවරණය කීර්ති තාත්තාගේ වචන තුළ නිදන්ගතව තිබුණි. එම නිසාම මෙම පුද්ගල චරිතය ඉස්මතු කිරීමෙන් ඔබ්බට ගොස් දුබල ඔහුව සමිඳාණන් වහන්සේගේ මෙහෙයවීමට නතු වූ ආකාරය අනාවරණය කරගැනීමේ ප්‍රඥාවන්ත සිතක් පාඨක ඔබ තුළ ජනිත වේවායි මා ප්‍රාර්ථනා කරමි.

පොත මිල දී ගැනීම සඳහා විමසන්න
සංස්කරණය
නිරාජ් පීරිස්
ප්‍රකාශක
Quo Vadis ප්‍රකාශකයෝ
ලිපිනය
431/5, පොඩිවීකුඹුර, රාගම
පොත ලබාගතහැකි ස්ථාන
ස්ථානය
සරසවි පොත්හල (පුද්) සමාගම
ලිපිනය
701/2, බොරැල්ල YMBA ගොඩනැගිල්ල, බොරැල්ල.
ස්ථානය
Wisdom Books (විස්ඩම් බුක්ස්)
ලිපිනය
217, මීගමුව පාර, වත්තල.

චන්ද්‍ර කීර්ති කුලරත්න
සමරු සටහන්

තනුව / සංගීත අධ්‍යක්ෂණය
ගායනය
ගී පද රචනය

පද මාලාව

මෙම ගීතයේ සියලුම හිමිකම්, ග්‍රන්ථයේ සංස්කාරක නිරාජ් පීරිස් මහතා සතු වෙයි.