චන්ද්‍ර කීර්ති කුලරත්න සමරු සටහන් ...

රහසක් පවසමි, පුතුනෙ අසනුමැන හදවත සවන යොමා   දහසක් එක් කර පවසනු මැන එය, තව තව නොවී පමා   නොහැක නොමැත යයි, බැරි යයි පවසා සිටින යමෙකු පොළොවේ   පොළොවට බර වී සිටිනු විනා, නැත දිනුමක් ඔහු දුටුවේ   තම හැකි කම, ඇති කම උත්සාහයෙන් දිරි දී නිරන්තරේ   බාධක බිඳගෙන ආ විට ඇරැඹෙයි දියුණුවෙ කතන්දරේ   හිත හිත, බල බල, තැවි තැවි සිටිතොත් පමාව වැඩිය හෙලේ   සිත කය වෙහෙසා නිමවුණු නිපැයුම්, ඔබ සම්පතකි හෙළේ   ගොඩට මඩට වුව, පෑන උදැල්ලට සිත දී එක සෙහෙලේ   පිරුණු අනාගත වීරිය දරනට වර විරු පුතුනෙ හෙළේ   යුතුකම යුක්තිය අයිතිය ඉල්ලා හඬක් නගන විටදී   ඔබ ළඟ යුතුකම යුක්තිය ඇත්දැයි බලනු මැනවි සිත දී   අවැඩෙන් අවැඩක් මිස නැත කිසි දා වැඩක් සෙතක් වන්නේ   පළමු මගේ රට, දෙවනුව මා යයි සිතව් සිතව් පුතුනේ!   රහසක් පවසමි, පුතුනෙ අසනුමැන හදවත සවන යොමා   දහසක් එක් කර පවසනු මැන එය, තව තව නොවී පමා   රහසක් පවසමි, පුතුනෙ අසනුමැන හදවත සවන යොමා   දහසක් එක් කර පවසනු මැන එය, තව තව නොවී පමා  

cover image

ඔහු නිර්මාණශීලී ගිහි නායකයෙකි. චතුර දේශකයෙකි. විචාරකයෙකි. නර්තනය, රංගනය, ගීත රචනය, රූප රචනය, චිත්‍ර කලාව, මූර්ති කලාව පමණක් නොව, නාට්‍ය නිර්මාණයෙන්ද ඔහු විප්ලවීය මෙහෙවරක් කළේය.
ඔහු ලේඛකයෙකි, මාධ්‍යවේදියෙකි. ප්‍රථම සිංහල දේව ධර්මික ශාස්ත්‍රීය සඟරාවක් වූ 'ශ්‍රී වචනය', 'දැක්ම', 'නව මිනිසා', 'සුදතුම් ගමන්' ආදි සඟරා හා පුවත් පත් ගණනාවක කතුවරයෙක් හා සංස්කාරකවරයෙකි.

"ගිහි අරගලයක අරුණෝදය" ග්‍රන්ථයෙන් (පිටුව 309)

ගී පද

ගීතිකා සහ ගීත

කීර්ති කුලරත්නයන් අතින් ලියැවුණු ගීත සහ කිතුණු ගීතිකා කිහිපයක්.

නාට්‍ය

වේදිකා නිර්මාණ

1985
සිංහ කොඩියෙ රාජසිංහ

සාමය, සංවර්ධනය සහ සහභාගිත්වය කා සඳහාදැයි ප්‍රශ්න කරන වේදිකා නිර්මාණයකි.

1992
අපි එතෙර වෙමු

ඓතිහාසික පාස්කුව වර්තමානය තුළ ජීව ගැන්වෙන අයුරු සොයන නාට්‍යයකි.

1998
පවුරු පදනම්

පවුල් පැවැත්ම දෙදරන විට මිනිස්කම දෙදරන බව සමාජයට මතුකර දක්වයි.

2004
ධවල හස්තය

"වැහුවත් කාගේ ඇස් වහන්නට බැහැ ලෝක පාලක දෙවින්ගේ ඇස්" යන පණිවුඩය ගෙන එයි.

නාට්‍ය වෙත යන්න

ඡායාරූප

ඡායාරූප එකතුව

ඡායාරූප වෙත යන්න

ගිහි අරගලයක අරුණෝදය

චරිතාපදාන ග්‍රන්ථය

ගිහි අරගලයක අරුණෝදය පොතේ කවරය

කීර්ති කුලරත්නයන් ගැන ඔහුව ඇසුරු කළ පුද්ගලයින් 80 දෙනෙකුගේ අදහස් ගොණු කර සැකසූ ග්‍රන්ථයකි.

එතෙක් මෙතෙක් පැවති ශ්‍රී ලාංකේය කිතුණු ගීත සාහිත්‍යයට දේව වචනය තුළින් මතු වුණු ගීතිකා නිර්මාණකරණය නව ජීවිත ක්‍රමයක් පටන් ගැනීමේදී ආලෝකයක් විය. ඔහු විසින් රචිත සෑම පද පේළියක් ඉදිරියෙන්ම දේව වචනයක් සටහන් කර තැබීමේ ඉඩකඩ තිබිණි. එය නූතනයෙහි පවතින ප්‍රශංසා, සංගීත, සන්දර්ශනාත්මක හැඟුම්බර පිබිදීමේ මෙහෙයවල්වලටද, ගීතිකාවලටද පැහැදිලි අභියෝගයකි.
චන්ද්‍රකීර්ති කිසි විටෙකත් දේව වචනය යථාර්ථය තුළට රැගෙන යාමට උත්සහ නොකළද, යථාර්ථය තුළ දේව වචනය සැඟව ඇති බව පෙන්වා දීමටද, එය ඉස්මතු කිරීමටද ඔහුගේ වචන සහ ජීවිතයම පරිත්‍යාග කළ මිනිසකු විය. දෙවන වතිකානු මන්ත්‍රණ සභාව ප්‍රායෝගික තලයට ඔසොවා ගැනීමට එය මහත් රුකුලක් විය.
ග්‍රන්ථය වෙත යන්න