ජාතිය ආගම භාෂා පක්ෂය "ජාතිය ආගම භාෂා පක්ෂය, තත්ත්වය කුලය කුමක් වේව, අපි එක මවකගෙ දරුවෝ" යන ප්රස්තූතය යටතේ ලියැවුණු දේශාභිමානී ගීයකි.
මායා මන්දිර වසර 1983 දී එලි දැක්වුණු "සිංහ කොඩියෙ රාජ සිංහ" වේදිකා නාට්‍යයේ ගීතයකි. දේශයේ ජනතාව ගැන කලකිරී කොඩියෙන් බැස ගොස් සිටින සිංහයා එක අවස්ථාවක දී ජනතාවට මේ ලෙස ආමන්ත්රයන කරමින්, ජනතාව කෙරෙහි කරුණාවෙන් මේ දෑ පෙන්වා දෙයි.
සද්ධර්ම දීපය නමින් ලොව දිනු රට යුද්ධයෙන් පීඩාවට පත් ව, ආගම් හා ජාතීන් අතර සමඟිය ද අඩු වෙමින් යන කාලයක, "ආගමික සමගි සන්ධානය" ලෙස ගරු මාදුළුවාවේ සෝභිත හිමි, ගරු සිරි ඔස්කා අබයරත්න පියතුමා, හින්දු සහ මුස්ලිම් ආගමික නායකයන් ද ප්රමුඛ ව ඇති කරගත් දේශප්‍රේමී ක්‍රියාකාරී සංවිධානය සඳහා නිර්මාණය කරන ලද එහි තේමා ගීතය.
තඹරාවියේ! ආදර ගීයකි. චන්ද්‍ර කීර්ති කුලරත්නයන් ඔහුගේ දිවියේ අරමුණ සහ ඔහුගේ බලාපොරොත්තුව සිය පෙම්වතියට ප්‍රකාශ කර සිටියි. මෙය 1970 දශකය අග භාගයේදී, එකල කිතු දන පුබුදු මූලස්ථානයේ වැඩ කරමින් සිටි ඔහුගේ වත්මන් බිරිඳට ඉදිරිපත් කළ ලියවිල්ලකි.
අප පවුලම ඔබ මහිමය "අප පවුලම ඔබ මහිමය සඳහා ...... !" යන තේමාව යටතේ, "කිතු දන පුබුදුව" කිතුණු ගිහි ව්‍යාපාරයේ 1981 වසරෙහි පැවැත්වූ වාර්ෂික පවුල් රැළිය සඳහා නිර්මාණය කරන ලද තේමා ගීතය. කිතුණු පවුලක වටිනාකම් පද්ධතිය සහ දැක්ම යම් මට්ටමකට ගම්‍ය වේ.
යුගෙන් යුගය කිතු දන පුබුදු තේමා ගීතය. "කිතු දන පුබුදුව" කිතුණු ගිහි ව්‍යාපාරයේ දර්ශණය සහ ජවය ගම්‍ය වේ. මුල් යුගයේ නිර්මාණය වුණු ගීතයකි.
සමිඳුනි ඔබ වේ මාගෙ එඬේරා ජුදා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙකු වන "දාවිත් රජතුමා" විසින් ගයා ඇති බවට සැලකෙන, බයිබලයේ පරණ ගිවිසුමේ "ගීතාවලිය" පොතෙන් ගෙන සාදන ලද ගීතිකාවකි.
නුබ ගැබ රජයන “මා දෙස බලන්න” නාට්‍යයේ ගීතයකි. වත්මනෙහි සැබෑ නත්තලක විය යුත්ත - අරුත ඔහුගේ දෘෂ්ටිකෝණයෙන් විස්තර කෙරෙයි.
පසතුරු බෙර නද "සොහොයුර සොහොයුරිය – ඔබ තුළ කිතු සමිඳුන් දකිම් මම්!" යන තේමාව යටතේ, "කිතු දන පුබුදුව" කිතුණු ගිහි ව්‍යාපාරයේ 1979 වසරෙහි පැවැත්වූ වාර්ෂික තරුණ රැළිය සඳහා නිර්මාණය කරන ලද ගීතයයි. හෙළ සංස්කෘතියේ බෙර වාදන තාලයකට සකස් කර ඇත.
නමෝ නමෝ ශුද්ධාත්මයාණෙනි ශුද්ධාත්මයාණන්වහන්සේ නමස්කාරය කිරීම සඳහා කිතු දන පුබුදු යාච්ඤා මෙහෙයන් හිදී නිතර භාවිතා කළ ගීතිකාවකි.
හරි ආසයි අපි ළමයින් සඳහා ලියැවුණු නත්තල් ගීයකි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සහ කුඩා දරුවන් අතර සිදු වෙන සංවාදයක් ආකාරයෙන් සකස් කර තිබේ. වැඩිහිටියන්ට ද මෙයින් ගතහැකි පණිවුඩයෙහි - අරුතෙහි අඩුවක් නම් නොවෙයි.
රාත්‍රියේ .... රාත්‍රියේ නත්තල් ගීයකි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගව ලෙනකදී මෙලොවට බිහි වූ ඒ රාත්‍රියේ ශ්‍රේෂ්ඨත්වය වර්ණනා කෙරෙයි. "Stille Nacht (Silent Night)" ප්‍රසිද්ධ යුරෝපීය නත්තල් ගීතයේ සංගීතමය ආකෘතියට, වයලීනය ප්‍රධාන කර වාදනය කළ හැකි පරිදි නිර්මාණය කර තිබේ.
අප ජීවනයද ඔබවේ ක්‍රිස්තුන්වහන්සේ හා කිතුණු ජනතාව අතර ඇති සම්බන්ධතාව බයිබලීය ආශ්‍රේයයන් (references) ඇසුරින් වර්ණනා කරන, කිතු දන පුබුදුවේ මුල් කාලයේදී ලියැවුණු, පුබුදු ජනතාව අතර නිතර භාවිතා වුණු ගීයකි.
පුරා හදවතින් "වචනයේ දාසියන් වෙමු අපි" යන තේමාව යටතේ, "කිතු දන පුබුදුව" කිතුණු ගිහි ව්‍යාපාරයේ 1980 වසරෙහි පැවැත්වූ වාර්ෂික තරුණි රැළිය සඳහා නිර්මාණය කරන ලද ගීතයයි. දේව කැමැත්තට අවනත වී, කිතුණු දිවි ගමනකට කැප වූ තරුණියක ගේ වටිනාකම් පිළිබඳ ප්රකාශනයකි.
පරම දෙවිඳු ඔබ "ඔබගේ කැමැත්ත සිදුවේවා !" යන තේමාව යටතේ, "කිතු දන පුබුදුව" කිතුණු ගිහි ව්‍යාපාරයේ 1980 වසරෙහි පැවැත්වූ වාර්ෂික මව් රැළිය සඳහා නිර්මාණය කරන ලද ගීතයයි. මරිය තුමියව සහ ඇය ගේ "දේව කැමැත්තට අවනත වීම" හා කිතුණු මවක ගේ කැඳවීම ගැන කෙරෙන වර්ණනාවකි.
තට්ටු කරමි දොර ළඟ සිට ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ශ්රාවකයාට ආමන්ත්‍රණය කර සිටින ආකාරයට නිර්මාණය කරන ලද ගීතිකාවකි.
චන්ද්‍ර කීර්ති කුලරත්නයන් තවත් ගීතිකා 400ක් පමණ රචනා කර ඇත. කරුණා කර පුබුදු ගීතාංජලී ගීතිකා පොත කිතු දන පුබුදු ව්‍යාප්ති සේවාවෙන් ලබාගන්න. ඇතැම් ගීතිකා සංයුක්ත තැටි ද එහිදී ලබාගතහැකියි. ශ්‍රී ප්රශංසාරාමය open_in_new